පරිසර අමාත්‍යධුරය තමන් යටතට ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. ජනපති ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයක දැක්වෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව පරිසර අමාත්‍යාංශය තමන් භාරයෙන් තබා ගත යුතු බවට ජනපතිවරයා නිශ්චය කර ඇති බවයි.
පක්ෂ මාරු කිරීම හේතුවෙන් සිය මන්ත්‍රීධුරය අහිමි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නසීර් අහමඩ් මහතා පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.