අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට නියමිත බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු පැවසුවේ අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉවත්වීම නොව රටේ ආර්ථික තත්ත්වය සහ මහජනතාවගේ හා පාර්ලිමේන්තුවේ ගැටළු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවත් එය හෙට දිනයේදී හෝ අනිද්දා දිනයේදී සිදුවිය හැකි බවත්ය.