අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41 දෙනා ජනපතිගෙන් කළ ඉල්ලීමට ජනපති යහපත් ප්‍රතිචාර නොදක්වා ඇති බව වාර්තා වෙයි.
මේ පිළිබඳව ඊයේ පැවැති සාකච්ඡාවේදිද අවධානය යොමුව ඇතත් ජනපතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
වත්මන් අර්බුදකාරී අවස්ථාවේදි ඉදිරි තිරණ ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂවල නායකයන්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවා එම විධායක සභාවේ උපදෙස් මත නව අගමැතිවරයෙක් පත්කරන ලෙස මෙම ස්වාධීන මන්ත්‍රීවරුන් පසුගියදා ජනපතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් වෙයි.
එම ලිපියේ සඳහන් කරුණු සාකච්ඡා කිරීම වෙනුවෙන් ඊයේ ජනපතිවරයා හා ස්වාධීන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව පැවැත්විණ.
එසේම ජාතික විධායක සභාවේ උපදෙස් මත සිමිත ඇමති මණ්ඩලයක් පත්කිරීම, අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීම මෙන්ම සෑම අමාත්‍යාංශයක් සඳහාම විශේෂඥ මණ්ඩලයක් පත්කිරීමට ස්වාධීන මන්ත්‍රීවරුන් පත්කරන ලෙස ස්වාධීන මන්ත්‍රීවරුන් යොමුකළ ලිපියේ දැක්වෙයි.
එසේම ඇමතිවරුන් වැටුප් නොලබා අනෙකුත් වරප්‍රසාද කැපකර කටයුුත කළ යුතු බවත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර සංශෝධන සහිතව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ යුතු බවත් ඔවුන් ජනපතිවරයාට යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.