2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සිදුකළ පාර්ලිමේන්තුවේ නව පත් කිරීම් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදන හතරක් ඊයේ(18) දාතමින් නිකුත්කර තිබේ.
ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 44(2) ව්‍යවස්ථාව අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබූ නව අමාත්‍යවරුන් 21 ගේ නම් හා ඔවුන්ගේ විෂයන් පිළිබඳව සඳහන් ගැසට් නිවේදනයද, ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 44(3) ව්‍යවස්ථාව අනුව මුදල් , ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍යවරියගේ අදහස් විමසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ තබා ගන්නා බව සඳහන් ගැසට් නිවේදනයද ,ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 43(4) ව්‍යවස්ථාව අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පත් කළ බව සඳහන් ගැසට් නිවේදනයද ,වශයෙන් ගැසට් නිවේදන තුනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් එන්.එස්.කුමානායක මහතා විසින් නිකුත් කෙරිණි .
අනෙක් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කර ඇති අතර එමගින් ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් සන්ඩ්රේස් රවීන්ද්‍ර කරුණානායක ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ සහ ඉලංගෙයි තමිල් අරසු කච්ච් පක්ෂයෙන් පත්මනාදන් සත්තිය ලිංගම් යන මහත්වරු පත්කර ගන්නා ලද බව ප්‍රකාශයට පත් කර ඇත.
ජේ. ඉඳුරුවගේ