අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ මධ්‍යම පළාතේ මුල්ම කොරෝනා ආසාදිත රෝගියා මගින් වෛරසය ආසාදනය වීමට වැළැක්වීමේ අරමුණ ඇතිව අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිළධාරිවසම් සම්පර්ණයෙන් වසා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
කොට්ඨාසයෙ සියලු මාර්ග සඳහා ආරක්ෂක අංශ යොදවා බවත් ගම් අතර ගමන් කරීමද නවත්වා ඇති බවත් ප්‍රාදේශීය ලේකම් අබේසිංහ මහත්මය සඳහන් කළාය.
අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වූ මුල් කොරෝනා ආසාදිත රෝගියාගේ භාර්යාව පුතා සහ ලේලියටත් කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමඟ කොට්ඨාසය තුල වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණ ඇතිව ආරක්ෂිත ක්‍රම දැඩි කර ඇති තිබේ.
මොහොමඩ් ආසික්