අකුරණ ප්‍රදේශය තුළ ශිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාවගේ සහාය මීට වඩා අවශ්‍ය බව අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරුඳගහමඩ මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මධ්‍යම පළාතෙන් හමුවූ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් හත්දෙනාම අකුරණ ප්‍රදේශයෙන් හමුව ඇති බවත් මෙම රෝගීන් ඇසුරු කළ පිරිස් ස්වයං නීරෝධායනයකට යොමු කළත් එය නිසි ලෙස සිදු නොවන බව පෙනී යන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා සඳහන් කරයි.
මෙහිදී තවදුරටත් සඳහන් කරන්නේ අකුරණ ප්‍රදේශයේ ජීවත්වන සියලු දෙනාගේ පූර්ණ සහාය මෙම වෛරසය මර්දනය කිරීම සඳහා මීට වඩා ලැබිය යුතු බවයි.