ඇතිමලේ පොලිස් වසමට අයත් සඳගනාව කුඹුරු යායක වැඩකරමින් සිටි ගොවි මහතෙකු ඊයේ (03)දින වෙනිදා සවස අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ වැව ගොවිපොළපාර පදිංචි ඒ.එම් ප්‍රේමරත්න (50) නැමති සිව්දරු පියෙකි.
හෙතෙම තවත් තිදෙනෙකු සමඟ කුඹුරේ වැඩකරමින් සිට ඇති අතර ඒ අවස්ථාවේ ඇදහැලුණු වැස්ස නිසා ඔහු සහ තවත් අයෙකු කුඹුර අසල පිහිටි ගසක් යටට ගොස් ඇත.
එවිට අකුණුසැර වැදීමෙන් ඔහු බිම වැටී ඇති අතර ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට ගෙන යන අතරමඟදී මියගොස් තිබේ.
සෙසු අයට අනතුරෙන් හානි සිදුවී නැත. ඇතිමලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක