පස්සර අඹතැන්න ගම්මානයේ 31 දින සවස පැල්පත් නිවසක් අසළ භුමියක ගෙපොලක් කපමින් සිටියදි අකුණු සැර වැදීමෙන් පාසල් සිසුවියක මියගොස් සිසුවෙකු බරපතල තුවාල ලබා තිබෙන බව පොලිසිය කියයි.
පස්සර මධ්‍ය මහා විදුහලේ 6 වසරේ ඉගෙනුම ලබන මෙවර ශිාෂ්යත්ව විභාගයටද පෙනී සිටි ඔි,ඒම්,ටී මධුවන්ති (11) සිසුවිය ඒතැනම මියගොස් ඇති බවත් ඇගේ 16 හැවිරිදි වැඩි මහල් සහෝදරයා බරපතල තුවාල ලබා සිටියදි පස්සර දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.
මියගිය සහ තුවාල ලැබු ඒකම පවුලේ දරුවන් දෙදෙනා තම දෙමාපියන් දෙදෙනා සමග තම පැල්පත් නිවස වෙනුවට නව නිවසක් ඉදිකර ගැනීමට ගෙපොලක් කැපීමට උදව් කරමින් සිටියදි අකුණු සැර වැදීමෙන්
අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත පස්සර පොලිස්ය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ප්‍රසන්න පද්මසිරි