අංගොඩ මානසික රෝහලේ ප්රතිකාර ලබා සුවවී ඇතැයි කියා ආපසු නිවසට පැමිණ සිටි පුතෙකු විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් බරපතල තුවාල ලැබූ පියෙක් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පිටිගල ,කලුආරච්චිගොඩ පදිංචිව සිටි පියදාස ජයසිංහ හෙවත් අන්දිරිස් ජයසිංහ නැමති 80 හැවිරිදි සිව්දරු පියෙක් බව පොලිසිය පැවසීය.
මෙම පියා ඊයේ( 24)දහවල් නිවසේ වාඩිවී සිටියදී පුතා පිටුපසින් පැමිණ පොරවකින් පියාට පහර දීමෙන් පසු පියා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් සැකපිට පොරවෙන් පහරදුන්නේයැයි කියන පුතා සැකපිට අත් අඩංගුවට ගත් බවත් මෙම සැකකරු කලක් අංගොඩ මානසික රෝහලේ ප්රතිකාර ලබා සුවවී පැමිණ සිටි අයෙකු බව පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් පොලිසිය පැවසීය.
පිටිගල පොලිස් ස්තානාධිපති පොලිස් පරීක්ෂක අනුර පුෂ්පකුමාර මහතා ඇතුළු නිළධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.