USS නිව් ඔර්ලින්ස් (LPD18) නෞකාව, 13 වැනි කඩිනම් නාවික ඒකකය සමග අද (24දා) කොළඹ වරාය වෙත ළඟා වීමට නියමිතය.
මෙම නේකාව සහ එහි නාවික භටයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග සම්බනධතා වැඩිදියුණු කිරීමට සහ එක්සත් ජනපදය සතු මානුෂීය ආධෘර සැපයීමේ සහ විපත් අවස්ථා හි ආධාර සැපයීම පිළිබඳ අත්දැකීම් බෙදා ගැනීමට සහ පුහුණුව ලබාදීමට බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු තානාපති අතුල් කේශප් පවසන්නේ 21 වැනි ශතවර්ෂය, ඉන්දු - ශාන්තිකර කලාපයට ඉතාමත් හිතකර කාල පරිච්ඡේදයක් වන බැවින්, ශ්‍රී ලංකාව එහි උපාය මාර්ගික පිහිටීම ප්‍රයෝජනයට ගත යුතු බවයි. එමෙන්ම, එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාම සමගින් සමුද්‍රීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය පිළිබඳව සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසයි.