ශ්‍රී ලංකා -යූඑන්පී දීගය මේ ආකාරයෙන්ම ඉදිරි පස්වසරත් ගතවේ නම් රටට වැඩක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා පුරවැසි හඬ සංවිධානයේ කැඳවුම්කරු චන්ද්‍රසේන විජේසිංහ මහතා පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ඔවුන්ගේ දීගය ගැන කතා කළා. ඔවුන්ගේ දීගය වසර දෙකකට නෙවෙයි වසර පහකට දිගුකරන බව පැවසුවා. මෙතෙක් දීග කාපු විදියටම නම් ඉතිරි කාලයත් මේ අය දීග කන්නෙ ඒ අයට පොඩි ජොලියක් ඇතිවෙන්න පුළුවන්.
නමුත් රටට වැඩක් නැහැ. සාකච්ඡාවක් නැතිව, සම්මන්ත්‍රණයක් නැතිව, එකඟතාවක් නැතිව, රටේ උගතුන් බුද්ධිමතුන් සම්බන්ධ කර ගන්නැතිව හීනෙන් බයවුණා වගේ කුණු කෙළ පිටින් ගන්නා හදිසි තීරණ හරහා රට අවුල් කරන විදියටම නම් තවදුරටත් ගමන් කරන්න සූදානම් වෙන්නේ මේ දීගයෙන් වැඩක් නැහැ. මේ ගමන් මගේ වෙනසකට යන්න ආණ්ඩුව සූදානම් නැත්නම් රට තුළ බරපතළ ව්‍යාකූලතාවක් නිර්මාණය වීම වළක්වන්න බැහැ.”යැයි පවසා සිටියේය.