එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21දා) සවස 5.00 ට සිදුකිරීමට නියමිතය.
මෙම යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂය සමග ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කරන බව මේ වනවිට ප්‍රකාශ කර තිබේ.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ ඡන්දය විමසන අවස්ථාවේදී පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර එම අවස්ථාව මඟහැරීමට තීරණය කර ඇත.
මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට පියවර නොගැනීමට විරෝධය පළකරමින් එජාපය මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආවේය.