විභාග සඳහා ඉතිහාසයේ පළමු වරට මාර්ගගත ක්‍රමයට (ONLINE ) පාසල් විභාග වෙනුවෙන් අත්හදා බැලු උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම සාර්ථක වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා පවසයි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු නවීකරණය කිරීම උදෙසා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් 2017 වසරේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ උපදෙස් මත විද්වත් කමිටුවක් පත්කරනු ලැබීය.
එම කමිටු නිර්දේශයන්හි අඩංගු ඩිජිටල්කරණ වැඩසටහන යටතේ අ.පො.ස උසස් පෙළ සිසුන් සඳහා 12 වැනි ශ්‍රේණියේ දී පවත්වනු ලබන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය GIT මාර්ගගත ක්‍රමය (Online) යටතේ පැවැත්වීමට පියවර ගත් අතර, එම විභාගයේ පෙරහුරු පරීක්ෂණය 2019 මාර්තු මස 11 දින සිට 18 දින දක්වා දින 8ක් තුළ දී දිනකට සැසි දෙකක් ලෙස සිසුන් 186,000ක් උදෙසා දිවයිනේ පරිගණක මධ්‍යස්ථාන 655ක දී ඉතා සාර්ථකව පැවැත්වුණි.
මෙම පෙරහුරු පරීක්ෂණයේ අවසාන පරීක්ෂණය 2019 මැයි මාසයේ පැවැත්වීමට නියමිතයි.
ඉදිරියේදිද කඩඉම් විභාග වලදි , අ.පො.ස උසස් පෙළ හා අ.පො.ස සමාන්‍ය පෙළ විභාගයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහාද මේ අයුරින් මාර්ගගත(online) මඟින් ප්‍රායෝගික පරික්ෂණ පැවැත්විමේ හැකියාව පිළිබඳවද මෙහිදි අවධානය යොමි වි ඇත.
කෂිනි හපුආරච්චි