පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානයේ කළු පෙට්ටියේ බවට සැක කෙරෙන නවතම සංඥාවක් ඔස්ට්‍රේලියානු සෝදිසි යානයක් විසින්ද අද දිනයේ ග්‍රහණය කරගෙන තිබුණි.
ඔස්ට්‍රේලියාවට අයත් P3 ඔරියන් ගුවන් යානයකට අද සන්ධ්‍යාකාලයේදී මෙම සංඥාව ලැබී ඇති අතර, එය ඔස්ට්‍රේලියානු ඕෂන් ෂීල්ඩ් යුද නෞකාව විසින් මීට පෙර සංඥා ග්‍රහණය කරගත් ප්‍රදේශයේදීම ලැබී තිබීම විශේෂත්වයකි.
මෙම සංඥා පිළිබඳ වැඩිදුර පරීක්ෂණයක් සිදුකළ යුතු බව බලධාරීන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් එම සංඥාව අනිවාර්යයෙන්ම මිනිසා විසින් නිර්මාණය කළ වස්තුවකින් නැගෙන සංඥාවන් බව ඔවුන් තහවුරු කරයි.
එමෙන්ම අද දිනයේදී අතුරුදන් යානය සොයා මෙහෙයුම් සිදුකරන කලාපය තවදුරටත් පටු කර ඇති අතර, එය අතුරුදන් යානය සොයා ගැනීම සම්බන්ධයෙන් වැඩි බලාපොරොත්තුවක් තැබිය හැකි අවස්ථාවක් බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව, යානය සොයා මෙහෙයුම් සිදුකරන දකුණුදිග ඉන්දීය කලාපයේ කිලෝමීටර් 600ක දුරත්, ඉන් එපිට සාගර ප්‍රදේශයත් තවදුරටත් නිරීක්ෂණය කරමින් සෝදිසි මෙහෙයුම් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
MH370 යානය පසුගිය මාර්තු 08 වැනිදා මැලේසියාවේ ක්වාලලාම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං නුවර දක්වා ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ අතර, යානය සෙවීමේ සෝදිසි මෙහෙයුම ලෝක ඉතිහාසයේ එදාමෙදා තුර සිදුවන දැවැන්තම සෝදිසි මෙහෙයුම බවට පත්වී අවසානය.