ගායන ශිල්පී එම්.ජී. ධනුෂ්ක අද (04දා) අධිකරණයට බාර වී තිබෙනවා. ඒ ඔහුට එරෙහිව විභාග වන නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම වෙනුවෙන් වරෙන්තු නිකුත් කිරීම වෙනුවෙන්.
ධනුෂ්ක බාර වීමෙන් පසුව ඔහුට එරෙහිව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසින් ඊයේ (03දා) නිකුත් කළ වරෙන්තුවත් ආපසු කැඳවනු ලැබීය. එම්.එස්. ප්රනාන්දු මහතාගේ ගීත ඔහුගේ අවසරයකින් තොරව ගායනා කිරීම සම්බන්ධයෙන් එම්.ජී. ධනුෂ්කට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වෙනවා.