හිටපු ජනාධිපති, දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුබුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා ඊයේ (28දා) නෙළුම් මාවතේ පිහිටි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූ බව වාර්තා වේ.
රවි ජයවර්ධන මහතාගේ පුත්‍රයා වන ප්‍රදීප් ජයවර්ධන මහතා ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙයකු වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය කාලයේදී පත් කර තිබිණි.
ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව දේශපාලන කටයුතු සිදුකිරීමට කැමැත්තෙන් සිටින බව බසිල් රාජපක්ෂ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රදීප් ජයවර්ධන මහතා සඳහන් කර තිබේ.
ශ්‍රීලනිප සංවිධායක ධුරය ලැබුණු පසු ගම්පහ දිස්ත්‍රික්කය පුරා පසුගිය කාලයේදී දේශපාලන කටයුතු සිදුකළ බවත්,වත්මන් ආණ්ඩුව කිසිදු සංවර්ධන ව්‍යපෘතියක් එම දිස්ත්‍රික්කයේ සිදුකර තිබෙන ආකාරයක් තමන් නොදුටු බවත් ජයවර්ධන මහතා සඳහන් කර ඇතැයිද වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්දය අවශ්‍යනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වන්නැයි ජනතාව තමන් සමග පැවසූ බවත්, ඒ හේතුවෙන් නව දේශපාලන තීන්දුව ගත් බවත් හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වෙතත් ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නැවත වරක් කාර්යාලයට පැමිණෙන්නැයි බැසිල් රාජපක්ෂ මහතා අවසන් වශයෙන් පවසාඇතැයිද සඳහන් වෙයි.