සිනමා දර්ශන සඳහා මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ සිගරට් භාවිත කරන දර්ශන යොදා ගැනීම නිසා ඒ තුළින් නව යොවුන් පරපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන බවට අනාවරණයවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා සිනමා දර්ශන සඳහා එවැනි දර්ශන භාවිත කිරීම සිමාකිරීමට රට තුළ විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
විද්‍යුත් මාධ්‍යවලට පළ වන රූපරාමුවල මත්ද්‍රව්‍ය භාවිත කරන දර්ශන ප්‍රදර්ශනය කිරීමේදී යම් ක්‍රමවේදයක් භාවිත කරන බවද ඒ මහතා පවසා සිටියේය.