වෛද්‍යවරුන්ට ලබාදෙන අමතර රාජකාරි දීමනා සති දෙකක් තුළ වැටුපට සාපේක්ෂව සකස් නොකළහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
2016 වසරේ වැටුප් වැඩිවීමට අදාළව මෙතෙක් රාජකාරි දීමනා ඉහළ දමා නොමැති බවත්, මේ සඳහා ගණනාවකදීම බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ නිසා සති දෙකක් තුළ අදාළ කටයුතු සිදු කළ යුතු බවත්, ඉන් පසුව සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවද හෙතෙම පවසා සිටියේය.