ජී.අයි පයිප්ප මිලදී ගැනීමේ සිද්ධියේදී අක්‍රමිකතාවයක් සිදුව ඇති බවත්, එය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට වැරදීමක් සිදුව නැති බවත්, සම කැබින්ට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා විසින් ජී.අයි පයිප්ප මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කිරීම ගැන එස්.බී දිසානායක අමාත්‍යවරයා විසින් ඊයේ සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේබව පැවසූයේ අද(10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.