ෆේස්බුක් සමාගමේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලෙස ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
සිංහල භාෂාවෙන්ප්රසිද්ධ කරන ඇතැම් පළකිරීම් හරහා ජාතීන් අතර ගැටුම් ඇතිවීම වළක්වාගැනීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට මේ හරහා අපේක්ෂා කරයි.
ජනාධිපති ලේකම් මෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශනියාමන කොමිසමේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා බී.ඩී. නිවුස් පුවත් සේවයට පවසා ඇත්තේ ෆේස්බුක් ආයතනයේ නියෝජිතයන් හා පසුගිය 04 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණත් එය සිදු නොවූ බවයි.
කෙසේ වෙතත් එම හමුව සිදුවන විට ශ්‍රී ලංකාවේ කාර්යාලයක් විවෘත කිරිම සඳහා සාකච්ඡා කිරීමට සූදානම් බවද ඔහු පවසා ඇත.
“ඔවුන්ට කළ හැකි දේ ඔවුන් කළා. නමුත් අපි විශ්වාසකරනවා ඔවුන් ශ්‍රී ලංකාවේ කාර්යාලයක් ආරම්භ කර එහි ශ්‍රී ලාංකිකයන් සේවයට යොදවා ගතහොත් එය වඩාත් ඵලදායී වේවි කියා” යනුවෙන්ද ඔහු කීය.