කැලණිය, හේනෙගම මධ්‍ය මහා විද්‍යාලයේ ශාලා අංක 01හි ශාලාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට පත්කර සිටි නිලධාරියා ප්‍රමාද වී රාජකාරියට වාර්තාකර තිබෙන බවට වාර්තා වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ පිළිබඳව තොරතුරු වාර්තා වූ මොහොතේම ඒ පිළිබඳව විශේෂ සොයා බැලීමක් සිදුකළ බවත්, එහිදී අයදුම්කරුවන්ට අසාධාරණයක් නොවන ආකාරයට උදේ 11.30ට අවසන් වීමට තිබූ ප්‍රශ්න පත්‍රයට උත්තර ලිවීමේ කාලය දහවල් 12.30 දක්වා දීර්ඝ කළ බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මීට අමතරව ශාලාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ශාලාධිපති තනතුරින් ඉවත් කළ බවද පවසා සිටියේය.
උසස් පෙළ ආරම්භ කරමින් අද (02දා) ගණිත ප්‍රශ්න පත්‍රය පැවති අතර, ඒ සඳහා සිසුන්ට පිළිතුරු ලිවීම පෙ.ව. 8.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි. කෙසේවෙතත් අදාළ විභාග මධ්‍යස්ථානයට වගකිවයුතු නිලධාරියෙකු නියමිත වෙලාවට පැමිණ නොතිබීමෙන් විභාග අපේක්ෂකයන් මහත් අපහසුතාවයට පත්විය.