ශ්‍රීලංනිපයෙන් ලැබුණු ලිඛිත පි‘ළිතුරු පිළිබඳව හෙළ උරුමය අද විශේෂ සාකච්ඡාවක, වැඩි බර ආණ්ඩුවෙන් ඉවත් වීමට?
ජාතික හෙළ උරුමය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූ සත්වැදෑරුම් යෝජනා 35 සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ජාතික හෙළ උරුමයේ නියෝජිතයන් වෙත ලිඛිතව ලැබී ඇති නිසා ඒ පිළිබඳව එම පක්ෂයේ ස්ථාවරය හෙට (18දා) දින රටට දැනුම්දීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ නිල නිවසට ගිය ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී රණවක සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරුන්ට ශ්‍රීලංනිප ස්ථාවරය ලබාදී තිබේ. එම ලිපියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් අත්සන් තබා ඇත.
අද දිනයේදී එම ලිපිය ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර පක්ෂයේ මතය විමසීමට නියමිතය.
ජාතික හෙළ උරුමය විසින් රජයට ඉදිරිපත් කළ යෝජනාවලියේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සඳහන් යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දක්වා ඇති ප්‍රතිචාරය පිළිබඳ එහිදී අවධානය යොමුවනු ඇතැයි දැනගන්නට ලැබේ.
2005 වසරේදී ජාතික හෙළ උරුමයේ එවකට නායක පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් සහ මහින්ද රාජපක්ෂ මහතා අතර එළැඹි එකඟතාවයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ගැන එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැරූ ස්ථාවරයම මෙවර ඉදිරිපත් කළ සත් වැදෑරුම් යෝජනාවලිය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුගමනය කර ඇතැයි වාර්තා වෙයි.
මේ නිසා බොහෝ විට ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත්වීමට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.