ජාතික හෙළ උරුමය හා ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් අද (14දා) උදෑසන පැවැත්වෙන බව වාර්තාවේ. ජාතික හෙළ උරුමය විසින් රජයට ඉදිරිපත් කර තිබෙන සත් වැදෑරුම් යෝජනා 35 පිළිබඳව රජයේ ප්රධාන හවුල්කාර පක්ෂය ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කිරීමේ සාකච්ඡාවාරයේ මීළඟ අවස්ථාව ලෙස මෙම හමුව අද දිනයේ දී පැවැත්වේ.
කෙසේ වෙතත් මෙම සාකච්ඡා වාරය ජාතික හෙළ උරුමයේ පාර්ශ්වයෙන් ඉතා තීරණාත්මක එකක් වනු ඇති බවත් එම සාකච්ඡාවේ ප්රතිඵල මත ජාතික හෙළ උරුමය තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිනවාද එසේ නොමැතිනම් ඉවත්වනවාද යන්න පිළිබඳව තීරණය වනු ඇති බවත් වාර්තාවේ.