පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වන ලද හෙරොයින් කිලෝ ග්‍රෑම් 37ක් සොයාගැනීමට රේගු නිලධාරීහු ඊයේ (06දා) සමත් වූහ. මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් බිලියන 1.2ක් පමණ වන බව රේගුව සඳහන් කරයි.
යකඩ ද්‍රව්‍ය බව පවසා ගෙන්වන ලද අඩි 40 ක කන්ටේනරයක තිබියදී මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇත.