හෙද නිලධාරීන් විශ්‍රාම යන ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් බඳවාගැනීම් සිදු නොකරන නිසා හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 63 දක්වා ඉහළ දමන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අද (03දා) ලිඛිත ඉල්ලීමක් කළ බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
මීට අමතරව එකවර හෙද ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000 බැගින් වසර කිහිපයක් එකදිගට බඳවාගන්නා ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත්, හෙද පුරප්පාඩු සම්පූර්ණ වූ පසු විශ්‍රාම යාමේ වයස සාමාන්‍ය තත්ත්වයට පත් කරන ලෙසටත් ඉල්ලා සිටි බවත් එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යවරයාට අමතරව සෞඛ්‍ය ලේකම්වරයාගෙන් හා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන්ද මෙම ඉල්ලීම සිදුකළ බවත්, පවතින හෙද පුරප්පාඩු ප්‍රමාණය සේවයේ යෙදී සිටින හෙද නිලධාරීන්ගේ ප්‍රමාණය ඉක්මවා ගොස් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
රටතුළ හෙද නිලධාරීන් 64,000කට ආසන්න ප්‍රමාණයක් සේවය කළයුතු වුවත් දැනට සේවයේ යෙදී සිටින්නේ 30,000කට ආසන්න හෙද නිලධාරීන් ප්‍රමාණයක් බවද සභාපතිවරයා සඳහන් කළේය.