හෙද උපාධිය පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය ප්‍රකාශකරයි. ඊට අදාළ ගිවිසුමකට රජය මේ වන විට එළඹ ඇති අතර, ගිවිසුමේ නිශ්චිත තොරතුරු පවා මේ වන තෙක් අනාවරණය කර නොමැති බවත් එම සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ මහතා පැවසීය. රජයේ විශ්වවිද්‍යාල හරහා හෙද උපාධි ලබාදීම වෙනුවට එය පෞද්ගලිකරණය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බවද හෙතෙම කීය.