දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය නිමකරමින් හෙට (06දා) අපරභාගයේදි හා රාත්‍රී කාලයේදී දිවයින පුරාම පාහේ වැසි හැකිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී අද (05දා) සිට හෙට 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින හෙයින් හෙට (06දා) දහවල් 12.13ට සූරියකන්ද, තණමල්විල හා මහිරාව හා අළුත්ගම යන නගරවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.