අද දිනයේ සිට දහවල් කාලයේත් මෝටර් සයිකල්වල හෙඩ් ලයිට් දමාගෙන යන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරයි. දහවල් කාලයේ හෙඩ් ලයිට් දමාගෙන යෑම හරහා අනතුරු අවම කර ගත හැකි බව විදේශ රටවල් කීපයක නිදසුන් ඇති බවත් මෙය ශ්‍රී ලංකාවේ සාර්ථක කර ගත හැකිද යන්න සොයා බැලීමටත් මෙම අත්හදා බැලීම සිදු කිරීමට නියමිතය.
මෙය සාර්ථක වුවහොත් ඉදිරියේ දී නීතියක් ලෙස එය ස්ථාපිත කළ හැකි බවත් මෙම පරීක්ෂණ ක්‍රියාවලියට සහයෝගය දෙන ලෙසත් පොලීසිය ඉල්ලා සිටියි.