කොළඹ හා තදාසන්න ප්‍රදේශ කිහිපයක හෙට(23)මධ්‍යහ්න 12.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 12ක කාලයක් ජලය සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
අත්‍යවශ්‍ය සේවා කටයුත්තක් වෙනුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවත්,අවශ්‍ය ජලය රැස්කරගන්නා ලෙසත් ජලසම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
කෝට්ටේ මහනගර සභා බලප්‍රදේශය, බත්තරමුල්ල, කොස්වත්ත, කලපළුවාව, තලවතුගොඩ, ජයවඩනගම, මාලඹේ, හොකන්දර, මහරගම, බොරලැස්ගමුව නගරසභා බලප්‍රදේශය තුළ මේඅනුව ජලය අත්හිටුවීමට නියමිතය.