දේශපාලන පක්ෂවල විවිධ සංකූලතා ඇතිවුවද ඒ පිළිබඳ ඉවසීමෙන් ක්‍රියා කළ යුතු බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා පැවසීය. ඉවසීම හොඳ ගුණයක් බවත්, තම පක්ෂයේ මතවාදී ප්‍රශ්නයක් තිබෙන බව තමා පිළිගන්නා බවද අමාත්‍යවරයා කීය. මේ පිළිබඳ කලබල නොවිය යුතු බව අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කීය. එමෙන්ම මධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබාදුනි.
මාධ්‍ය - පාගමන ගිය ශ්‍රීලංනිප අයට විනය පරීක්ෂණ කරනවාද?
අනුර ප්‍රියදර්ශන ඇමති - මට ඒගැන කතා කරන්න අයිතියක් නැහැ. පක්ෂයේ මධ්‍යම කාරක සභාවක් ගන්න තීන්දුවක් මම වගේ තනි පුද්ගලයකුට ප්‍රකාශයක් හැටියට සිදුකරන්න බැහැ. එවැනි සාකච්ඡාවක් අපේ මධ්‍යම කාරක සභාවේ තවම ඇතිවුණේ නැහැ.
මාධ්‍ය - පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු හැටියට මේ ගැන ඔබේ අදහස කුමක්ද?
අනුර ප්‍රියදර්ශන ඇමති - පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් මම මධ්‍යස්ථ තැනකනේ ඉන්නෙ. ඔබතුමාගේ ප්රශ්නය නිසා මගේ මධස්ථභාවය අන්තවාදී තැනකට ගෙනියන්න මම කැමති නැහැ.
මාධ්‍ය - මේ ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?
අනුර ප්‍රියදර්ශන ඇමති - මට අදහසක් නැහැ ඒ ගැන.
මාධ්‍ය - පා ගමනේ පැමිණි උදවිය පක්ෂ මූලස්ථානයට හු කිව්වා.
අනුර ප්‍රියදර්ශන ඇමති - හූ කිව්වද? මම ඒක දැක්කෙ පත්තරෙන් විතරයි. මට ඒක බලන්න බැරිඋනා. මම එකක් කියන්නම්. සාමාන්‍යයෙන් අපේ පක්ෂය තුළ මීට කලිනුත් කල්ලි කණ්ඩායම් හිටියා. නමුත් කවදාවක් පක්ෂ කාර්යාලය ඉස්සරහා හූ කිව්වෙ නැහැ. මොකද ඒක අපි කාගෙත් පක්ෂ කාර්යාලය. ඒකට හූ කිව්වානම් ඉතින් අපේ පාක්ෂිකයෝ වෙන්න බැහැනේ.