ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්රීවරු පිරිසක් ශ්රි ලංකා නිදහස් පක්ෂය විසින් තමන්ට එවා තිබූ ලියුම් ඉරමින් ඒවාට ගිනි තැබීමට කටයුතු කරනු ලැබීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පක්ෂය විසින් පවත්වන සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබූ ලිපි මෙසේ ඔවුන් විසින් කුරුණෑගල නගරයේදී අද (03දා) ඉරා දැමීය. මෙම මන්ත්රීවරු ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන පරිසක් වෙති.