පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සකසුරුවම් සමිතියේ රුපියල් එක් කෝටි හැටහය ලක්ෂ හැට තුන්දහසක් එකසිය එකක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු භාණ්ඩාගාරිකවරයා විදේශගතවී සිටින නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු ආරක්ෂක අංශයේ සමාජිකයන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.