හලාවත පුත්තලම පාරේ හෝටලයක සේවයේ යොදවා සිටි ඉන්දීය ජාතිකයන් 06ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ආගමන නීති උල්ලංඝනය කරමින් වලංගු වීසා නොමැතිව ශ්රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. 22,23,28,30,35,38 යන වසය්වල පසු වූ ඉන්දීය ජාතිකයන් 6ක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් ඊයේ (29දා) හලාවත මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.