මත්තල ගුවන් තොටුපලේ මෙන්ම හම්බන්තෙට වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසට එල්ල කළ මැර ප්‍රහාරය හොළා දකින බව හමබන්තෙට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම අවධාරණය කරන්නේ මෙවැනි සිදුවීම් හරහා මහජන දේපළ පිළිබඳව සුපරික්ෂාකාරී වෙමින් ඒවායේ කටයුතු සිදුවන ආකාරය සොයා බැලීමට මහජන නියෝජිතයින්ට ඇති අයිතිය උල්ලංඝණය වන බව බවයි.
එසේම සිද්ධිය පිළිබඳව විනිවිද විමර්ශණයක් සිදු කර එයට වගකිව යුතු වූවන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මන්ත්‍රීවරයා සිය නිවේදනයෙන් වැඩි දුරටත් පවසයි.