සෞදි අරාබියේ මක්කම හෝටලයක විශාල ගින්නක් ඇති වී තිබෙන බව එරට පුවත් සේවා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.
මේ සම්බන්ධයෙන් සමාජජාල තුළින් ඡායාරූප කිහිපයක් නිකුත් වී ඇති අතර, විශාල ගින්නකින් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් වැසී ඇති ආකාරය දැකිය හැකිය.
එමෙන්ම, ගින්නත් සමග ප්‍රදේශයම වැසී යන ආකාරයේ විශාල දුමක්ද අහසට නැග ඇති බවත්, ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාව එම ස්ථානයට ළඟා වී ඇති බවත් කිැයවෙයි.
කෙසේ වෙතත්, ඇතැම් වාර්තාවන්ට අනුව මෙය අත්හැර දැමූ ගොඩනැගිල්ලක් බවටද තොරතුරු පවතින බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මින් සිදුවූ ජීවිත හානි හෝ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.