සෞදියේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ට රැකියා අහිමිවීමේ අවධානමක් ඇති බවත්, ඒ වෙනුවට වෙනත් රැකියා වෙළඳපළක් පිළිබඳ මේ වන විටත් අවධානය යොමුකර තිබෙන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, ඊයේ (07) රත්නපුරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මේ අතර සෞදියේ රියාද් හි පිහිටි සාඞ් සමාගමේ සේවය කළ ශී‍්‍ර ලාංකිකයන් 12 දෙනෙකුට රැකියා අහිමි වී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් කාර්යාංශය රියාද් තානාපති කාර්යාලය හරහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගනිමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. මේ අතර රියාද් හී පිහිටි සෞදි ඕජර් සමාගමේ සේවය කළ ශ්‍රි ලංකා ශ්‍රමිකයින් 100 ක් පමණ මෙම ගැටලුවට මුහුණ දී ඇත.