සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩල නිල ඇඳුම් දීමනාව, ඇමතුම් දීමනාව හා අනතුරු දීමනාව වැඩි කිරීමටත්, ආධුනික වෛද්‍යවරුන්ට නව දීමනාවක් ලබාදීමටත් රජය පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, සෞඛ්‍ය සේවයේ හෙද නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී, මැලේරියා/බරවා මර්දන මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී, කීට විද්‍යා සහකාර, පාසල් දන්ත චිකිත්සක, පශු එන්නත්කරු, සත්ත්ව ඒකක පාලක, සෞඛ්‍ය රියදුරු හා කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ගෙවනු ලබන 'නිල ඇඳුම් දීමනාව' ඉහළ නැංවෙන බව පැවසෙයි.
එමෙන්ම, සෞඛ්‍ය සේවයේ රෝග නිවාරණ කටයුතුවල යෙදෙන ආධුනික වෛද්‍යවරුන්ට 'මාසික දීමනාවක්' ලබාදීමට හා පරිපූරක හා අතුරු වෛද්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන 'ඇමතුම් දීමනාව' ඉහළ නැංවීමටත් රජය පියවර ගෙන ඇති බව පෙන්වා දෙයි.
මීට අමතරව පිළිකා රෝහල වැනි විශේෂිත රෝහල් හා වෛද්‍ය ඒකකවල සේවය කරනු ලබන හෙද නිලධාරී, පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තිකයන් සහ සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩල සඳහා ගෙවනු ලබන අනතුරු දීමනාව ද වැඩිකර ඇති බව අමාත්‍යාංශය පවසයි.
2014 අයවැය යෝජනාවකට අනුව සිදුකර ඇති මෙම දීමනාවන් ලබාදීම හා පැවති දීමනාවන් ඉහළ දැමීමට සංශෝධන 2014.01.01 දින සිට ක්‍රියාත්මක වන බවද, මීට අදාළ උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති බවද වැඩිදුරටත් පෙන්වා දෙයි.