ජපානය හා ශ්‍රී ලංකාව අතර පවත්නා දිගුකාලීන ආර්ථික සහයෝගීතාව පදනම් කරගනිමින් ව්‍යාපෘති නොවන මූල්‍ය ප්‍රදාන යටතේ ජපන් රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනු ලබන රු.මිලියන 625ක මූල්‍ය ප්‍රදාන යටතේ නවීන සෞඛ්‍ය පහසුකම් රජයේ සමස්ත රෝහල් පද්ධතියටම හිමිවෙනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම මූල්‍ය ප්‍රදානයට අදාළ ගිවිසුම් ලේඛණවලට අත්සන් තැබීම ජපන් රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපන් තනාපති නොබිහිතෝ හොබෝ හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ යන මහත්වරුන් විසින් අද (11දා) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී සිදුකරනු ලැබීය.