සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්තැබීම හෙට (21දා) සිදු කෙරේ. ඉදිකිරීමට සැලසුම්කර තිබෙන ගොඩනැගිල්ල වර්ග අඩි දෙලක්ෂ විසිහතර දහසකින් යුක්ත වන අතර, ඒ සඳහා රුපියල් බිලියන 3.8ක් වැය වෙතැයි ගණන් බලා තිබේ. සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙය සිදු කෙරේ.