මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී විවේකිව වැඩ සිටි දින කිහිපයේදී මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ශරීරයට විෂ බීජයක් ඇතුළු වීමක් හෝ වෙනත් රෝගී තත්ත්වයක් මතු නොවූ බව එම රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදුකරන්නේ නම් අවශ්‍ය සියලු සහය ලබාදීමට සූදානම් බවද ඒ මහතා සඳහන් කළේය.
වසර 30 ක කාලයක පටන් සෝභිත හිමියන් දැන හැඳිනගෙන තිබූ බැවින් හෘද සැත්කම සිදු කිරීමෙන් පසුව නෙවිල් ප්‍රනාන්දු රෝහලට පැමිණ විවේක ගන්නැයි තමා කළ ඉල්ලීම අනුව උන්වහන්සේ වැඩම කළ බවත්, විශේෂඥ වෛද්‍යවරයෙකු නිරන්තරයෙන් කටයුතු සොයා බැලූ බවත් ඒ මහතා පැවසීය.
එහෙත් ඇතැම් පාර්ශ්ව රෝහලේ කීර්තිනාමයට හානි කිරීමේ අරමුණෙන් අසත්‍ය ප්‍රචාර දියත් කරන බවද හෙතෙම පවසා සිටියේය.