පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ අපවත් වීම සිදුවන්නේ සමාජයට මගපෙන්වීම සඳහා සෝභිත හිමියන් වැනි ස්වාමීන් වහන්සේලා සිය දහස් ගණන් අවශ්‍ය මොහොතක බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මෑතකාලීනව ගතහොත් සෝභිත හිමිපාණන්ගේ කාලය ගතවූයේ දශකයකට ආසන්න දුර්දාන්ත පවුල් පාලනය නිමාවට සහ ඒකාධිපති ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීමේ සටහන වෙනුවෙන් බවද එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය සඳහන් කරයි.
විවිධ සමාජ ව්‍යාපාරවල හිඳිමින් හා ඒවාට නායකත්වය ලබාදෙමින් සෝභිත හිමියන් දශක ගණනාවකම ජනතාව වෙනුවෙන් ලේ, කඳුළු, දහදිය කැපකළ ප්රගතිශීලී හිමිනමක් බවද එම මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.