සොලමන් දූපත් ආසන්නයේ රික්ටර් මාපාංක 7.6ක භූකම්පනයක් වාර්තා වී තිබෙන අතර, මෙම භූකම්පනය හේතුවෙන් මෙතෙක් ප්රබල හානියක් හෝ ආපදාවක් වාර්තා නොවන බව විදෙස් පුවත් සේවා පවසයි.
සාගර පතුලේ සිදුවී ඇති මෙම භූකම්පනය කිලෝ මීටර් 29ක් ගැඹුරින්, සොලමන් දූපත් හි කිරා කිරා නගරයට ගිණිකොණින් පිහිටි මුහුදේ කිලෝමීටර් 100ක් පමණ දුරින් සිදුවී ඇත.
කෙසේ වෙතත් සොලමන් දූපත්, පැපුවා නිව් ගිනියා හා නිව් කැලිඩෝනියා වෙත සුනාමි අනතුරු ඇඟවීමක් මුලින් සිදු කළත් පසුව එය අවලංගු කර තිබේ.
මීට සතියකට පෙර දරුණු ගංතුරකට මුහුණ දුන් සොලමන් දූපත් ඉන් අනතුරුව මෙම සුනාමි බියෙන්ද තැතිගත් අතර, ගංවතුර හේතුවෙන් ඒ වනවිටත් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටියහ.