විශ්ව විද්‍යාල අනධ්‍යයන වැඩවර්ජනයේ නියුතු සියලුම සේවකයින් හෙට (05දා) දින සේවයට වාර්තා කළ යුතු බවත් එදින සේවයට වාර්තා නොකරන පරිවාස හා පුහුණු කාලය තුළ සේවයේ නියුත් සියලුම අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් සේවය හැරගියා සේ සලකනු ලබන බවත් රජය දන්වා සිටියි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහාන් ඩි සිල්වා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේබව දැක්වේ.