කොටදෙණියාව ප්‍රදේශයේ දූෂණය කර මරාදැමුණු අවුරුදු පහක් වයසැති සේයා සදෙව්මි දැරයගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගේ ජෛව සාම්පල සේයාගේ සිරුරෙන් සොයාගත් ආගන්තුක DNA සාම්පල හා සැසදීමට පරීක්ෂණ සිදුකරන බව පොලීසිය කියයි. සැකකරුවන් 28දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවෙකුගේ ලැප්ටොප් පරිගණකයේ තිබූ අසැබ් වීඩියෝ දර්ශනද සොයාගත් බව පොලීසිය කියයි.සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිපදෙනෙකු පිළිබඳව තොරතුරු හෙළිව තිබෙන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ කරන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා කීවේය.
පොලීසිය නිකුත් කළ නිවේදනය