සීමාවාසික වෛද්‍යවරයෙකු මියගියහොත් හෝ වෙනත් හානියක් සිදුවුවහොත් වන්දි මුදලක් ලබාදිය හැකි පරිදි අමාත්‍ය මණ්ඩලය සංදේශයක් ඉදිරිපත් කර අනුමත කරගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුදර්මා කරුණාරත්න මහත්මිය හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සමග සාකච්ඡා කළ බවද ඇමතිවරයා සඳහන් කළේය.
පුත්තලම රෝහලේ සේවය කළ සීමාවාසික වෛද්‍යවරිය මියයන තෙක් අනෙකුත් වෛද්‍යවරුන්ට දෙන වරප්‍රසාද හා අයිතිවාසිකම් සීමාවාසික වෛද්‍යවරුන්ට හිමිනොවන බව තමා නොදැන සිටි බවත්, ඒ පිළිබඳව කිසිවෙකු තමන්ට නොපැවසූ බවද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පවසා සිටියේය.