කොට්ඨාස සීමා නිර්ණය පිළිබඳ අභියාචනා විමර්ශන කටයුතු ඔක්තෝබර් මස 31 වන දින තෙක් දීර්ඝකිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා කටයුතුකර තිබේ.
මෙම අභියාචනා විමර්ශනය සඳහා පත් කළ විමර්ශන කමිටුවේ නිලධාරීන්ට අමාත්‍යවරයා විසින් මේපිළිබඳව අද දිනයේදී දැනුම්දී ඇති අතර මෙම අභියාචනා විමර්ශනය සඳහා තවත් කාලයක් අවශ්‍ය බව එම කමිටුව විසින් සිදුකළ ඉල්ලීමකට අනුව අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.