ත්‍රිවිධ හමුදාව සතු සම්පත්, ශක්තිය සහ පුහුණුව ජාතික සංවර්ධනය සහ සාමය ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය වෙත දායක කරගැනීම සඳහා සිවිල් නිලධාරීන් සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරනු ලබන සිවිල් සහ හමුදා සම්බන්ධීකරණ ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.