විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන සියලු විභාගයන්හි ප්‍රතිඵල අන්තර්ජාලය හා ජංගම දුරකථන ඔස්සේ ලබාගැනීමේ හැකියාව පෙබරවාරි 05 වැනිදා සිට ලැබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ජනාධිපති උපදේශක මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ මහතා පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සියලුම රාජ්‍ය සේවාවන් විධිමත්ව හා කාර්යක්ෂමව ජනතාව වෙත ලබාදීම සඳහා ඇරුඹුණු ඉ-සේවා ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන බවද පවසයි.
මෙවැනි ඉ-සේවාවක් සපයන දකුණු ආසියාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව ICTA සභාපතිවරයා පෙන්වා දෙයි.