දිවයින පුරා පිහිටි සියලු ආගමික සිද්ධස්ථාන ශ්‍රේණිගත කිරීමට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේ තුළින් අඩු ආදායම් සහිත දුෂ්කර සිද්ධස්ථාන සංවර්ධනය සඳහා කැපකරු ක්‍රමය මගින් දානපතීන් සම්බන්ධ කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
බෞද්ධ විහාරස්ථාන ශ්‍රේණිගත කිරීම ප්‍රමාදවීම නිසා සම්පත් දායකයන්ට අවම පහසුකම්වලින් යුත් විහාරස්ථාන තෝරාගැනීමට අපහසු බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පසුගියදා බුද්ධශාසන ආගමික කටයුතු අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී පෙන්වා දුන්නේය.