සියම් මහා නිකායේ අස්ගිරි මල්වතු උභය මහා විහාරයන්හි උපසම්පදා විනය කර්ම කටයුතු වෙසක් පුර පසලොස්වක පොහොය දිනට සමගාමීව අද (14දා) සිට ආරම්භ විය.
වෙසක් පොහොය දිනෙන් ආරම්භ වන මෙම උපසම්පදා විනය කර්ම එළැඹෙන පොසොන් පොහොය යෙදෙන ජූනි 12වැනිදා දක්වා පැවැත්වෙන අතර එදිනෙන් නිමාවට පත්වේ.
ඒ අනූව දිවයිනම නියෝජනය වන පරිදි අස්ගිරි මල්වතු උභය මහා විහාරයන්හි ලියාපදිංචි සෑම විහාරස්ථානයකම උපසම්පදා අපේක්ෂිත සාමනේර භික්ෂූන් වහන්සේලා විසින් එවා ඇති අයදුම්පත් පරීක්ෂා කොට උපසම්පදා විනය කර්ම කටයුතු සිදු කෙරේ.
උපසම්පදා විනය කර්ම කටයුතු මහනුවර අස්ගිරි මල්වතු උභය මහා විහාරයන්හි රාජ පූජිත සීමා මාලක දෙකේදී සිදු කෙරේ.